Episodios

  • ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අම්මාලා තාත්තාලාට ලබාගන්න පුළුවන් මේ වැඩිහිටි සේවා ගැන දැන ගෙන හිටියා ද?
    Mar 3 2026
    ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ඉන්න අම්මාලා තාත්තාලාට කරන්න දේවල් නැතිව ගෙදරටම කොටු වෙලා ද? රජයෙන් ලබා දෙන මේ විවිධ සේවා පහසුකම් ගැන දැනුම්වත් ද?
    Más Menos
    10 m
  • නීති පිළිසරණ: දික්කසාද නීතිය - ලංකාවේ දි කසාද බැඳලා ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද?
    Mar 3 2026
    ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ පස්වැනි කොටස.
    Más Menos
    5 m
  • මැදපෙරදිග යුද්ධය ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබේ මුදල් පසුම්බියට බලපාන හැටි
    Mar 3 2026
    ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ජාත්‍යන්තර වෙළඳාම අවුල් ජාලයකට ඇද දමා තිබෙනවා. දැනටත් ඉහළ ගොස් ඇති ජීවන වියදම් මේ හේතුවෙන් තවත් වැඩි විය හැකි බවට ඕස්ට්‍රේලියානුවන්ට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා.
    Más Menos
    5 m
  • SBS සිංහල පුවත්: මැදපෙරදිග කලාපයේ ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව හිමි බව අගමැති ඇල්බනීසි කියයි
    Mar 3 2026
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
    Más Menos
    5 m
  • සුව මනස: අපේ සංස්කෘතික හා ආගමික පසුබිම මත ඕනෑම මානසික බිඳ වැටීමක් දරා ගන්න පුළුවන් ද?
    Mar 2 2026
    යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන අපේ සංස්කෘතික හා ආගමික පසුබිම අනුව මානසික සෞඛ්‍ය පිළිබඳ ඇති විශ්වාස හා දුර්මත පිළිබඳවයි.
    Más Menos
    5 m
  • ඕස්ට්‍රේලියාවේ Bridging Visa ගැන තොරතුරු සහ කොන්දේසි කඩ කරොත් වෙන දේ මෙන්න
    Mar 2 2026
    ඕස්ට්‍රේලියාවේ Bridging Visa වර්ග සහ Bridging Visa වල එන කොන්දේසි කඩකළහොත් මුහුණ දෙන්න වෙන ප්‍රතිවිපාක පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
    Más Menos
    10 m
  • 2026 Mardi Gras උළෙල උත්කර්ෂවත් අයුරින් සැමරේ, ඕස්ට්‍රේලියානු ජාතික උරුම ලැයිස්තුවත් අලුත් වෙයි
    Mar 2 2026
    පසුගිය සතිඅන්තයේ සිඩ්නි නගරය සමකාමී අභිමානයෙන් සහ වර්ණවත් සැණකෙළි සිරියකින් පිරී ඉතිරී ගියා. ඒ ඔක්ස්ෆර්ඩ් වීදියේ පැවැත්වෙන වාර්ෂික Mardi Gras පාගමනට දහස් ගණන් ජනතාව එක් වීමත් සමඟයි. 2026 වසරේ Sydney Gay and Lesbian Mardi Gras උළෙල පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
    Más Menos
    5 m
  • දුප්පත් පවුලකින් පැමිණ ඉරානයේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා අලි හමේනි
    Mar 2 2026
    1939 වසරේ දී ඉරානයේ මෂාඩ් නගරයේ දරුවන් අට දෙනෙකුගෙන් යුත් දුගී පවුලක දෙවැන්නා ලෙස මෙලොව එළිය දුටු අයතුල්ලා අලි හමේනි ලොව දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වය දැරූවන්ගෙන් කෙනෙක් ලෙස සැලකෙනවා. ඉරාන විප්ලවය හා ඉස්ලාමීය ඉරාන ජනරජය ගොඩනැගීමට ඔහු දුන් නායකත්වය හේතුවෙන් පිරිසකගේ ගරු බුහුමනටත් සිය පාලනයට එරෙහි නැගිටීම් කෲර ලෙස මර්දනය කිරීම හේතුවෙන් තවත් පිරිසකගේ දැඩි වෛරයටත් අලි හමේනි පත් වුණා.
    Más Menos
    7 m