Episodios

  • SBS සිංහල පුවත්: Neo-Nazi මත දරන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංවිධානයක් තම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කරයි
    Jan 14 2026
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න
    Más Menos
    6 m
  • කාලීන විග්‍රහය: අන්තර්ජාලයේ දකින විවිධ අහාර රටා අනුගමනය කිරීම ඇත්තටම අපේ සෞඛ්‍යයට හොඳද
    Jan 13 2026
    Fodmap, high protein, gluten-free, lowfat, clean eating වැනි වචන ඔබ අසා තිබෙනවා වන්නට පුළුවන්. මේවා විවිධ diets ලෙස හැඳින්වෙන අතර එම උපදෙස් ඇතැම් විට ගැටලුකාරී විය හැකියි. කෙසේ නමුත් multiple diets හෙවත් 'විවිධ ආහාර වේලවල්' අනුගමනය කිරීමෙන් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති විය හැකි බවට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අන්ගවිමක් සිදු කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
    Más Menos
    13 m
  • පිළිකා ප්‍රතිකාර වඩාත් සාර්ථක කර ගත හැකි ක්‍රමවේදයකට අවශ්‍ය ගෝලීය ප්‍රමුඛ සොයාගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකීය පර්යේෂකයා - සහකාර මහාචාර්ය අරුත කුලසිංහ
    Jan 13 2026
    පිළිකා සෛල වල හැසිරීම අනුව නිවැරදි සත්කාර ක්‍රමවේද වලට යොමු විය හැකි පර්යේෂණ ප්‍රතිඵල සොයා ගැනීමකට මුල් වූ ශ්‍රී ලාංකීය පර්යේෂක කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය අරුත කුලසිංහ මහතා සමඟ SBS සිංහල සේවය පැවත්වූ සාකච්ඡාව.
    Más Menos
    9 m
  • ලබන පෙබරවාරියේ පොලී අනුපාත වෙනස් වෙනවා ද?
    Jan 13 2026
    ඕස්ට්‍රේලියාවේ පසුගිය නොවැම්බර් පාරිභෝගික මිල දර්ශක වාර්තා අනුව ප්‍රධාන උද්ධමන අගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මදක් අඩු වුණා. නමුත් එයින් පොලී අනුපාත සහනයක් ලැබේවි ද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් උනන්දු වන කරුණක්. මේ ඒ පිළිබඳ ආර්ථික විශේෂඥයින් දක්වන අදහස් ඇසුරෙන් ගෙන එන විමසා බැලීමක්.
    Más Menos
    6 m
  • SBS සිංහල පුවත්: ඇමරිකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කෙවින් රඩ් එම ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කරයි
    Jan 13 2026
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න
    Más Menos
    5 m
  • කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක්
    Jan 12 2026
    බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම සහ ඕස්ට්‍රේලියාවේ පන නැගී ඇති යුදෙව් විරෝධය හා සම්බන්ධයෙන් රාජකීය කොමිසම හරහා පරීක්ෂණයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි තීරණය කර තිබෙනවා. මෙම කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක වන Virginia Bell විසින් නායකත්වය ලබාදීමට නියමිත වනවා. ඕස්ට්‍රේලියානු සමාජයේ ඇති අන්තවාදී ගැටළු වලට මිහින දීමට සහ සමාජ සහයෝගීතාවය වර්ධනය පිළිබඳව කරුණු සොයා බැලීම් මෙම කොමිසමට පැවරෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
    Más Menos
    11 m
  • රසවත් ශ්‍රී ලාංකීය ආහාරපාන කේෂ්ත්‍රයේ අමිහිරි ව්‍යාපාර අභියෝග ජයගන්නට වෙහෙසෙන ලක්ෂිත හා ප්‍රභාත්
    Jan 12 2026
    ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
    Más Menos
    7 m
  • මව්බිමෙන් පුවත්: අධ්‍යාපන අවුලේ නාභියට එරෙහිව සටනට අපි සූදානම් - විමල් / අගමැතිනියගේ චරිත කෙළසන්නේ මතවාදී දේශපාලනය බැරි අය - ඇමතිනි සරෝජා
    Jan 12 2026
    ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
    Más Menos
    10 m
adbl_web_global_use_to_activate_DT_webcro_1694_expandible_banner_T1