Episodios

  • #63 - Kingdom of Heaven (2004) Sinhala Review by Deen
    Sep 8 2023

    ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)

    Más Menos
    49 m
  • #62 - The Boy in Striped Pajamas (2008) Sinhala Review By Deen
    Nov 30 2021

    The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen

    හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා.  

    www.facebook.com/thelokueffect


    Más Menos
    41 m
  • #61 - INCEPTION (2010) with Chanaka Colombage
    Nov 20 2020
    INCEPTION (2010) සාකච්ඡාව with Chanaka Colombage----------------------------------------------------------------------  මං විශ්වාස කරන විදියට ලංකාවේ හොලිවුඩ් ෆිල්ම් වලට ආදරය කරන පිරිසෙන් Christopher Nolan ගේ 2010 release වෙච්ච INCEPTION ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් එක අනිවාර්යයෙන්ම පුදුමයක් කාරණාවක් වෙයි. ඒකට කමක් නැහැ, එහෙම අසාමාන්‍ය කවුරුහරි  ඉන්නවනම් ලැජ්ජවෙන්න එපා, දැන්මම ගිහින් INCEPTION ෆිල්ම් එක බලන්න සුපිරි ෆිල්ම් එකක්. ගොඩ කාලෙකට කලින් බලලා අමතක වෙලා වගේ නම් ආපහු බලලම චානක කොළඹගේත් එක්ක කරපු මේ Episode එක අහන්න.  චානක, "සිනමාවේදීන් - The Cinema People" ෆේස්බුක් ගෘප් එකට INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එකටත් හොද ප්‍රතිචාර හම්බවෙලා තිබ්බා. පුලුවන්නම් චානකගේ ඒ ආටිකල් එකත් කියවලම මේ Episode එක අහන්න කියලා කට්ටියට ආරාධනා කරනවා.      චානක මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡාවකට එකතුවෙන හතරවෙනි වතාව මේක. අපි මීට කලින් Memento, Donny Darko, Interstellar වගේ චිත්‍රපටි විචාරය කරන්නත් එකතුවුනා. ඉතින් ඒ ෆිල්ම් වුත් බලලා තියෙනවනම් ඒ Episode ටිකත් අහන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා. චානක මේ සියලුම Episode සදහා දක්වපු උනන්දුව සහ කැපවීම ගැනත් මං චානකට ස්තුතියි වන්ත වෙනවා. එහෙනම් කට්ටියම INCEPTION ෆිල්ම් එක ගැන කරපු මේ සාකච්ඡාව අහලා, ඇහුවට පස්සේ එන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා. -------------------------------------------------------------------- චානක, "සිනමාවේදීන්" ගෘප් එකේ පළකරපු INCEPTION ෆිල්ම් එක ගැන ලියපු ආටිකල් එක කියවන්න https://www.facebook.com/groups/thecinemapeople/permalink/1328784424128621
    Más Menos
    3 h y 31 m
  • #60 - "Dekala Purudu Kenek - 2019" with Ruwishan Vimukthi
    Nov 4 2020
    "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපට සංවාදය with Ruwishan Vimukthi--------------------------------------------------------------  "The ලොකු Effect Podcast" එකේ 60 වෙනි Episode එකෙන් තවත් ලස්සන සිංහල චිත්‍රපටියක් අරගෙන මාත් එක්ක සාකච්ඡාවකට එකතුවෙන්නේ රුවිෂාන් විමුක්ති. 2019 නිකුත් වෙච්ච, මලිත් හෑගොඩ අධ්‍යක්ෂණයෙන් දායක වුන "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටය තමයි අපි මේ episode එකෙන් සාකච්ඡා කරන්නේ.  එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ මේ Episode එකෙන් අපි මේ ෆිල්ම් එකේ මතුකරන කරුණු බොහොමයක් වගේම මාතෘකාවෙන් පරිබාහිර කරුණු කිහිපයකුත් පිලිබදව සාකච්ඡා කරනවා. එහෙනම් "දැකලා පුරුදු කෙනෙක්" ෆිල්ම් එක බලපු කට්ටියම මේ Episode එක අහන්න කියලා ආරාධනා කරනවා, ඒවගේම අහපු කට්ටියට මේ Episode එක ගැන වගේම මේ Podcast එක ගැන යම්කිසි අදහසක් උදහසක් යෝජනාවක් තියෙනවනම් කියන්නත් අමතක කරන්න එපා.  -----------------------------------------------------------------Episode list එකේ පල්ලෙහට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් මං මේ වෙනකොට චිත්‍රපට ගණනාවක්, චිත්‍රපටවලට ආදරය කරන,  සාකච්ඡාවට බදුන් කරන චිත්‍රපටය ගැන සාපේක්ෂව හොද දැනුමක් තියෙන කොල්ලෝ කෙල්ලෝ රසිකයෝ කිහිප දෙනෙක් එකතු කරගෙන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මං ආරාධනා කරනවා කට්ටියටම ඔයාල බලපු, ආසකරන, අපි සාකච්ඡා කරලා තියෙන ඒ චිත්‍රපටයට අදාළ Episode ටික  අහන්න කියලා. . කොහෙවත් DVD ගන්න තිබ්බේ නැහැ. මට හෝල් එකේ බලන්නත් බැරි වුනා. මම බැලුවේ Gluuoo by Derana එකේ. මේකේ ලංකාවේ ගොඩාක් හොද ෆිල්ම්ස් පොඩි ගානකට Stream කරනවා.     ----------------------------------------- Official Facebook page www.facebook.com/thelokueffect/
    Más Menos
    2 h y 22 m
  • #59 - Zindagi Na Milegi Dobara (Hindi - 2011) with Rangana Isuru
    Oct 30 2020
    Zindagi Na Milegi Dobara (2011) with රංගන ඉසුරු-------------------------------------------------------------------------  අපි අද "The ලොකු Effect Podcast" එකෙන් සාකච්ඡා කරන්නේ, අපි මේ ගත කරන ජීවිතය ගැන දෙපාරක් හිතවන්න හොද උත්සහයක් දරන  ලස්සන හින්දි චිත්‍රපටියක් ගැන, ඒ තමයි 2011 වර්ෂයේ තිරගතවුන Zindagi Na Milegi Dobara චිත්‍රපටිය. මේ ෆිල්ම් එකේ රිතික් රෝෂන්, ෆර්හාන් අක්තාර්, කත්රීනා කයිෆ් වගේ ජනප්‍රිය වගේම රංගන කුසලතාවයෙන් හෙබි නළු නිලියෝ සම්බන්ද කරගෙන නිෂ්පාදනය වුන ලස්සන බොලිවුඩ් චිත්‍රපටියක්.  ඉතින් මේ ෆිල්ම් එක ගැන සාකච්ඡාවක් කරන්න මාත් එක්ක එකතුවෙන්නේ රංගන ඉසුරු, රංගන මාත් එක්ක ෆිල්ම් එකක් ගැන සාකච්ඡා කරන්න මේ Podcast එකෙන් එකතුවෙන පළමුවෙනි අවස්ථාව. මේ ෆිල්ම් එක සාකච්ඡා කරමු කියන යෝජනාව කලෙත් රංගන. රංගන සහ මම මේ ෆිල්ම් එකේ කියවෙන දේ ගැන ටිකක් විස්තරාත්මක පැහැදිලිකරගැනිමක් කරගන්න කරන උත්සාහය යම්තාක් දුරකට සාර්ථක කරගන්න ලැබුනා කියලා මං විශ්වාස කරනවා.   එහෙනම් කට්ටියම මේ Episode එක අහලා ඊටපස්සේ අපි මේ ෆිල්ම් එකේ සාකච්ඡා කරන කරුණු කාරණා ගැන ඔයාලගේ අදහස් උදහස් යෝජනා අපිට කියන්නත් අමතක කරන්න එපා.
    Más Menos
    2 h y 30 m
  • #58 - The Dark Knight (2008) with Althaaf and Alqaaf
    Oct 15 2020
    The Dark Knight (2008) පිළිබද සංවාදය with Althaaf and Alqaaf ----------------------------------------------------------------------------- Christopher Nolan අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2008 වසරේ නිකුත් කල, Batman චරිතය අලලා නිෂ්පාදය කල චිත්‍රපට තුනකින්(Trilogy) සමන්විත චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය ලෙස නිකුත් වෙච්ච "The Dark Knight" චිතරපටිය එතෙක් මෙතෙක් බිහිවූ කොමික් චරිත අලලා හෝ කොමික් නොවන ගණයේ නිෂ්පාදනය වුන චිත්‍රපටි අතුරින් විශිෂ්ට ගණයේ හීලා සැලකිය හැකි චිත්‍රපටයක් කිව්වොත් වඩාත් නිවැරදි.  Althaaf සහ Alqaaf සහෝදරයන් මෙම චිත්‍රපටයට වූන සුදානම පිළිබද මම සියයට සියයයක් සතුටු වෙනවා වගේම මෙම චිතපටිය විචාරයෙදී Hameem සහෝදරයන් හොද සාධාරනයක් ඉෂ්ට කළා කියලත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මේ Episode එක Althaaf සහ Alqaaf, "The ලොකු Effect Podcast" එකෙන් චිත්‍රපටයක් ගැන සංවාදයකට සහභාගීවුන සාර්ථක තුන්වෙනි Episode එකයි. අපි මේ Episode එකෙන්, Christopher Nolan අධ්‍යක්ෂකවරයා පිළිබද හැදින්වීමක්  Batman/Bruce Wayne, Joker චරිත කොමික් පොත් ආශ්‍රිතව ගොඩනැගුනු ආකාරය(ඉතිහාසය) Nolanගේ මෙම චිත්‍රපට ත්‍රිත්වයට පෙර නිෂ්පාදයන වුන Batman සහ Joker චරිත අලලා ගොඩනැගුන චිත්‍රපටි සහ එහිදී මෙම චරිත නිරුපණය කල නළුවන් පිළිබද හැදින්වීමක් මෙම චිත්‍රපටයේ Christian Bale නිරුපණය කරන Batman චරිතය/රංගනය  සහ අප අතරින් වියෝවුන අසහාය නළු Heath Ledger රගපාන Joker චරිතය පිළිබද වගේම සෙසු චරිත ගැනත් සවිස්තරාත්මක විශ්ලේෂණයක් Althaaf සහ Alqaaf සුදු කරනවා. විශේෂයෙන්ම The Dark Knight චිත්‍රපටයට පාදක කරගත්ත කතාව ගැනත් අපි මේ Episode එකෙන් සාකච්ඡා කරනවා.  ඉහත සදහන් කල කාරණා ඇතුළු කරුණු ගණනාවක් ගැන අපි මෙම Episode එකෙන් සාකච්ඡා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ Episode එක අහන හැමෝටම Batman චරිතය පිළිබද ගැඹුරු අදහසක් ලබාගන්න පුළුවන් වෙයි කියලා (මේ සාකච්ඡාවට කලින් මං විශ්වාස කලෙත් නැහැ මේවගේ කොමික් චරිතයකට මේවගේ depth එකක් ගැඹුරක් සහිතව චරිත ගොඩනගනවා ඇති කියලා) එහෙනම් මං හැමෝටම ආරාධනා කරනවා හැමෝටම මේ Episode එක සම්පුර්ණයෙන්ම අහලා ඔයාලගේ අදහස් සහ ධනාත්මක විවේචනත්    ඉදිරිපත් කරන්න කියලා.
    Más Menos
    3 h y 11 m
  • #57 - Shutter Island (2010) with Ravidu Iroshan
    Oct 1 2020
    රවිදු ඉරෝෂන් සමග Shutter Island (2010) චිත්‍රපටය පිළිබද කල සංවාදය---------------------------------------------------------   Martin Scorsese සහ Leonardo DiCaprio වගේ අතිදක්ෂයෝ දෙන්නෙකුගේ සුසංයෝගයෙන් නිමැ වුන Psychological Thriller ගණයට වැටෙන 2010 අවුරුද්දේ නිකුත් වුන Shutter Island වගේ ෆිල්ම් එකක් ගැන කොච්චර කතාකරන්න තියෙනවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Shutter Island බලපු කට්ටිය දන්නවා මේ ෆිල්ම් එක අඩුම තරමේ දෙපාරක්වත් බලන්න ඕනේ ෆිල්ම් එකේ මොනවද වෙන්නේ කියලා තේරුම්ගන්න. ඊට වඩා අමාරුයි Episode එකකින් සාකච්ඡාවක් කරන්න ගියහම. එහෙනම් මේ ෆිල්ම් එක තාම බලන්න වාසනාව හම්බවුන නැති උදවිය මේ ෆිල්ම් එක බලලා මේ Episode එක අහන්න සෙට් වෙන්න.   ඉතින් අද මාත් එක්ක Shutter Island ෆිල්ම් එකේ කතාව, වෙන සිද්ධි ධාමය ලිහා ගන්න එකතු වෙන්නේ රවිදු ඉරෝෂන්. රවිදු පලවෙනි වතාවට තමයි "The ලොකු Effect Podcast" එකේ Episode එකින් එකතු වෙන්නේ සහ Shutter Island ෆිල්ම් එක සාකච්ඡා කරමු කියලා යෝජනා කලෙත් රවිදු. රවිදු මේ Episode එකට වුන සුදානම ගැනත් මම සතුටුවෙනවා.    එහෙනම් Shutter Island චිත්‍රපටිය ගැන මේ Episode එකෙන් කරපු සංවාදය අහලා, ඇහුවට පස්සේ ඔයාලගේ හිතට එන අදහස් උදහස් comment එකක් විදියට අපිට කියන්නත් අමතක කරන්න එපා. --------------------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect
    Más Menos
    2 h y 19 m
  • #56 - Damitha Nipunajith - Science Fiction Author
    Sep 16 2020
    විද්‍යා ප්‍රබන්ද ලේඛක දමිත නිපුණජිත් සමග කල සාකච්ඡාව-------------------------------------------------------------  සිංහල භාෂාවෙන් ලියවුන ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ද පොත් අතුරින් මම පෞද්ගලිකව ඇලුම් කරපු, සිතට දැනුනු, Mind Blowing ගනයේ පොත් දෙකක් තමයි "විස්මිත සිහින දකින්නා" සහ "කාලාවකාශයේ සිරකරුවා". මේ පොත් දෙකම කෙටි කතා එකතුවක ප්‍රතිපලයක්. මම මේ පොත් කියවනකන් හිතුවේ නැහැ ලංකාවේ සිංහලෙන් මේ වගේ ලස්සනට හිතලා විද්‍යා ප්‍රබන්ද ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙලා ඇති කියලා. ඉතින් මේ පොත් කියෙව්වට පස්සේ මට හිතුනා මේ පොත් ලියපු, මේ පොතට පාදකවෙච්ච කතා ඔලුවේ මැවිච්ච දමිත නිපුනජිත්ව මගේ මේ Podcast එකට එකතුකර ගන්න.  මේ පොත් ගැන වගේම තවත් කාරණා පිළිබඳව මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ගණනාවකට දමිතගේ අදහස් මේ Episode එකෙන් දමිත ඉදිරිපත් කරනවා. ඉතින් විද්‍යා ප්‍රබන්ද වලට ආසකරන්න, දමිතගේ පොත් කියවපු රසිකයන්ට වගේම, අනාගතයේදී විද්‍යා ප්‍රබන්ද ලේඛනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙන හැමෝටමත් මට වගේම සැහෙන ගොඩක් දේවල් මේ Episode එක අහලා දැනගන්න ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් කට්ටියම මේ Episode එක අහලා ඔයාලගේ අදහස් උදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්නත් එපා. --------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect
    Más Menos
    1 h y 30 m